![]() ![]() |
![]() ![]() |
![]() |
වසර 67ක අතීතයකට උරුමකම් කියන බප/ කැල/ ජයකොඩි මහා විද්යාලය 1956 ඔක්තෝම්බර් මස 14 වන දින අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත මහා නායක ස්වාමීන් වහන්සේ අත්පොත් තබා සිසුන් 67 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී
කැන්දලියද්දපාලුව පඤ්ඤාරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සිරිදත්තා ජයකොඩි මැතිණියගේ ධන පරිත්යාගයෙන් කැන්දලියද්දපාළුව පුරාණ ශ්රී මහා විහාරය ජයකොඩි මුදලිඳු කණිටු බොදු පාසල යන නමින් විදුහල පවත්වාගෙන එනු ලැබීය.
කල්යාමේදී විහාරස්ථානයේ ධර්මශාලාව ඉඩකඩ මඳවීම නිසා හා ගොඩනැගිලිවල අවශ්යතාවය මතු වන්නට විය. ඒ අනුව සිරිදත්තා මැතිණිය පරිත්යාග කළ අක්කර තුනහමාරක පමණ භූමි භාගය එතුමියගේ පුත් කමලවර්ණ ජයකොඩි මහතා සහ ප්රදේශයේ ප්රභූන්ගේ ධන පරිත්යාගයෙන් ඉදිරි ඉදිකරන ලද නව ගොඩනැගිල්ල වර්ෂ 1966/ 03/ 06 දින එවකට රාජ්‍ය ඇමතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් විවෘත කරනු ලැබ දැනට පවත්නා ස්ථානයේ ආරම්භ කරනු ලැබීය.











