ජයකොඩි මහා විද්‍යාලයේ ශිෂ්‍යභට බළකාය 1992 වසරේ එවකට විදුහල්පතිව සිටි ලුතිනන් පුෂ්පවිමල් ගුණරත්න සහ ලුතිනන් කර්නල් ජේ.ජේ.ඒ.යූ.ජේ.ප්‍රදීප් ජයසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලදී. බළකා පුහුණු මධ්‍යස්ථානය රන්ටැඹේ. මෙම විද්‍යාලයේ කැඩෙට් නිලධාරින් ලෙස පුහුණුව ලැබූ සිසුන් පසුව හමුදාවට බැඳී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පරදුවට තැබූහ.
යුද්ධයෙන් ජීවිත අහිමි වූවන් අතර කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ගුරුසිංහ සහ කෝප්‍රල් චන්ද්‍රකුමාර යන මහත්වරුන් සිහිපත් කළ යුතු අතර යුද්ධයේදී විද්‍යාලීය ශිෂ්‍යභටයින් විශාල පිරිසක් තුවාල ලැබූහ. යුද හමුදාවේ නිලධාරීන් ලෙස සේවයට බැඳුණු අතර ලුතිනන් කර්නල් නිලයට උසස් කර ඇත. මේ වන විට විද්‍යාලයේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති ලුතිනන් කර්නල් ජේ.ජේ.ඒ.යූ.ජේ.ප්‍රදීප් ජයසූරිය මහතාගේ උපදෙස් පරිදි කැඩෙට් නිලධාරීන් ලියාපදිංචි කර ඇත.
කොට්ඨාස භාර නිලධාරී ලුතිනන් ආර්. ඒ. එස්. එල්. විනෝද් මහතාය. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට භටයින්ගේ බාලක බාලිකා අංශ භාරව කටයුතු කරන්නේ කොට්ඨාශ නිලධාරි ලුතිනන් ජේ. ඒ. ඩි. තරින්ද මහතාය. මේ අනුව විද්‍යාල සිසුන් විෂය සම/විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස නායකත්ව ගුණාංග වර්ධනය කරමින් ඕනෑම ජීවන පැවැත්මකට සුදුසු ලෙස තම ජීවිතය හැඩගස්වා ගනිමින් සිටී. විද්‍යාලීය ශිෂ්‍යභට ඒකකවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම විද්‍යාලීය ශිෂ්‍යභට අංශයේ පුහුණුව ලැබූ ශිෂ්‍යභටයින් එක්ව හිටපු ශිෂ්‍යභට සංගමයක් පිහිටුවාගෙන ඉගෙනුම ලබන ශිෂ්‍යභටයින්ට උපකාර කරමින් විද්‍යාලයට දායක වී ඇත.
![]() |
![]() |
![]() |
කොට්ඨාශ නිලධාරිලුතිනන් ජේ. ඒ. ඩි. තරින්ද මහතා |
නියෝජ්‍ය විදුහල්පතිලුතිනන් කර්නල් ජේ.ජේ.ඒ.යූ.ජේ.ප්‍රදීප් ජයසූරිය මහතා |
කොට්ඨාස භාර නිලධාරීලුතිනන් ආර්. ඒ. එස්. එල්. විනෝද් මහතා |










