බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

උදේනි විජේරත්න ( ශ්‍රී.ලං.වි.සේ. II )

ජයකොඩි මහා විද්‍යාලය දිගු කලක පටන් ප්‍රදේශයේ නම් දරා සිටින්නේ විෂයානුබද්ධ මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් සමබරව පවත්වාගෙන ආ පාසලක් ලෙසයි. ක්‍රීඩා, සෞන්දර්ය මෙන්ම ශිෂ්‍ය භට, බාල දක්ෂ වැනි අංශ රැසකම නම සනිටුහන් කිරීමට අප විද්‍යාලය සමත්ව තිබේ. 

නව තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු තාක්ෂණයේද නිපුණයන් අප විද්‍යාලය තුල බිහිවනු දැකීම අපගේ සතුටට කරුණක් වී තිබේ. විශේෂයෙන්ම සියළු අංශයන්ට ආධාරක විශයක් ලෙස ප්‍රායෝගිකව තොරතුරු තාක්ෂණය භාවිත කිරීමේදී සිසුන්ගේ උනන්දුව ප්‍රශංසනීය වේ.

එහි නව ඇරඹුමක් ලෙස විද්‍යාලයීය නව වෙබ් අඩවිය නිර්මාණය කිරීම සිසුන් අතින්ම සිදුවනු දැකීම ඉතා අගය කරමු. එය ඉතා අලංකාරව සහ පරිපූර්ණව පාසලේ ප්‍රතිරූපය පිටත ලෝකයට ගෙන යනු ඇති බව අපගේ අපේක්ෂාවයි. මේ සඳහා දායක වූ ගුරු භවතුන් සහ සිසු කණ්ඩායමත් සිදු කරනු ලබන මෙහෙය ඉතා අගය කල යුතුය.
පෙර කී පරිදි අපගේ පාසලේ විශේෂත්වයත් ප්‍රතිරූපයත් ලොවට රැගෙන යාමේ කර්තව්‍යය ඉහළින්ම සාර්ථක වේවායි යන්න අපගේ ඒකායන පැතුමයි.

උදේනි විජේරත්න ( ශ්‍රී.ලං.වි.සේ. II )
නියෝජ්‍ය විදුහල්පති
බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය .