බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය

වෘත්තික ප්‍රවේශය

ජයවිදු ප්‍රතිභා 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

විදුහල්පතිතුමාගේ පණිවිඩය

J A U J ප්‍රදීප් ජයසුරිය ( ශ්‍රී.ලං.වි.සේ. I )

දිගු කලක පටන් ප්‍රදේශයේ දරු දැරියන්ගේ නැණ නුවණ වඩවමින් වැජඹෙන ජයකොඩි විදුහල් මාතාව කලින් කලට නව්‍ය තාවයෙන් ඉදිරියට යාමට සැදී පැහැදී සිටින්නා වූ ශිල්ප ශාලිකාවකි. කිත් යසස් පතුරුවමින් එලෙස සිප් සතර ලද දරු දැරියන් අද ලොව පුරා ජය දද නංවති.

අදියරයෙන් අදියරයට ගුණ නැණ වැඩූ දරු පරපුර ලොවට මුදා හරින ඒ අසහාය මෙහෙවර තවමත් නොනැවතී ඉදිරියටම ගමනෙහි යෙදෙයි. මුලකුරු කියවූ වැලිපිල්ල සදාදරයෙන් මතකයට නංවන්නාවූ පෙර පරපුරේ සෙවනත් නව මානයන් කරා ජයකොඩිය ලෙලවන අදිටනින් දරු දැරියන්ගේ දිරිය වඩන ඇදුරු මඩුල්ලත් විදුහලේ ජීවනාලිය හා සම වෙයි.

දිනෙන් දින ඉදිරියට යන ලෝකයේ තාක්ෂණයත් සමග මුසු වෙමින් අප මෙහෙවර ඉදිරියට ගෙන යාම අත්‍යාවශ්‍ය වන මෙවන් යුගයක නියමාකාරයෙන් එම කාර්‍යය සපල කරගැනීම උදෙසා පාසල් ප්‍රජාව මෙහෙයවීම ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතු බව මාගේ හැඟීමයි. එ බැවින් තාක්ෂණය නිසි අයුරින් හසුරුවා ගනිමින් විද්‍යාලයේ සියළු අංශ සඳහා දායක කරගැනීම අවශ්‍යතාවය වේ.

එහිදී වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඉතා වැදගත් වන බැවින් පාසල් ප්‍රජාවද අතික්‍රමණය කරමින් ලෝකය හා සම්බන්ධ වන දොරටුවක් ලෙස මෙය භාවිතා කල හැකි වනු ඇති බව මාගේ අපේක්ෂාව යි.

 

J A U J ප්‍රදීප් ජයසුරිය ( ශ්‍රී.ලං.වි.සේ. I )
විදුහල්පති
බප/කැල/ ජයකොඩි මහා විද්‍යාලය .