"සංචල රූ මාධ්‍ය සංසදය" විද්‍යාලයේ සන්නිවේදන මාධ්‍ය හරහා මෙහෙයවීම් කටයුතු සිදු කෙරෙන සිසු එකමුතුව යි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන්ට සීමා නොවී මාධ්‍ය පිළිබඳ කැමැත්තක් හා දක්ශතා දක්වන සිසුන් පිරිසක් එක්තැන් කොට ඔවුන් නිවැරදි දිශානතියට යොමු කිරීම හා ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට යොමු කිරීම මේ මඟින් සිදු කරනු ලබයි.
අංශ කිහිපයක් යටතේ සංසදය ක්‍රියාත්මක වේ.
- නිවේදන අංශය
- තාක්ෂණික අංශය
- පරිගණක අංශය
- වීඩියෝ සහ ඡායාරූප අංශය
- මුද්‍රිත මාධ්‍ය අංශය
ආදීවූ අංශ ඒ අතර ප්‍රධාන වේ.
ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට මෙන්ම න්‍යායාත්මකව හැදෑරීමේ අවස්තා සඳහාද සිසුන් යොමු කිරීමද මෙම සංසදය මඟින් ක්‍රියාත්මක වේ. ඒ සඳහා වැඩමුළු පැවැත්වීම, ක්ශේත්‍ර චාරිකා සංවිධානය ආදිය ද සිදු කරනු ලබයි.







