බෞද්ධ පාසලක් ලෙස ගුණවත් මෙන්ම ප්‍රඥාවන්ත දරු පරපුරක් දැයට දායාද කිරීමේ අරමුණ ඇතිව විද්‍යාලයේ බෞද්ධ සංගමය සංගමය සක්‍රීයව ක්‍රියාත්මක වේ. බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධන කිරීම මෙන්ම ප්‍රායෝගිකව බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාවේ නැංවීමට අදාළ අත්දැකීම් අනාගත පරපුරට දායාද කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් ඒ සඳහා වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරීම බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සිදු කෙරේ.
- දෛනික බෞද්ධ වත්පිළිවෙත් සංවිධානය
- මාසිකව පෙර පොහොය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- සතිමත් භාවනා වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- වෙසක් සතිය හා පොසොන් සතිය ආදී වැඩසටහන් සංවිධානය
- වාර්ෂික පිරිත් දේශන, භාවනා සහ දානමය පිංකම් සංවිධානය
- විශේෂ උත්සව ආදියේදී පිළිවෙත් ඉටු කිරීම සඳහා දායකත්වය සැපයීම
ආදී වූ වැඩසටහන් රාශියක් මේ අතර වෙයි. තවද ශිෂ්‍ය උපදේශන කටයුතු මඟින් මානසිකව නිරෝගී ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම වෙනුවෙන්ද දායකත්වය ලබාදෙයි.







