භූගෝලීය තොරතුරු පද්ධති (GIS- Geographical Information Systems) යනුවෙන් හඳුන්වනු ලබන්නේ පරිගණක දෘඩාංග හා මෘදුකාංග භාවිතයෙන් අවකාශීය තොරතුරු ඇතුලත් කිරීම, ගබඩා කිරීම, විස්ලේශනය හා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයකි. නවීන ලෝකයේ අවකාශීය තොරතුරු අවශ්‍ය වන සෑම අවස්තාවකදීම මේ හරහා ඉතා පහසුවෙන් සහ කාර්‍යක්ෂමව කටයුතු සිදුකර ගැනීමේ හැකියාව පවතියි.
වෘත්තීමය වශයෙන්ද වැඩි ඉල්ලුමක් මෙම විශය සඳහා ලැබී තිබේ. එමෙන්ම එදිනෙදා ජීවිතයේ ජංගම දුරකතනයක් හරහා භාවිතය දක්වාම මෙම තාක්ෂණය විහිදී පැතිරී පවතියි.
නවීන ලෝකයට අපේ දරුවන් සූදානම් කිරීමේ අරමුණ ඇතිව විශය හැදෑරීමෙන් පමණක් නොනැවතී ප්‍රායෝගිකව භාවිත කිරීමට අවස්තා සලසා දීම මෙහි ප්‍රධාන අරමුණකි. තවද පාසල තුල සිදුවන භෞතික සංවර්ධන සැලසුම් ආදියේදී සිසුන්ගේ සක්‍රීය දායකත්වය ලබාගනිමින් පෞරුෂ සංවර්ධනයට සහය ලබාදීමත් මෙමඟින් සිදු කෙරේ.
- භූගෝලීය තොරතුරු පද්ධති (GIS)
- ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය(GPS)
- දුරස්ථ සංවේදනය (RS)
ආදී නවීන සිතියම් ක්‍රමවේද පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමත් එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳව හැදෑරීමත් අපගේ ප්‍රධාන අරමුණක් වේ. එමෙන්ම පාසලේ සිතියම හා ඒ ආශ්‍රිත තොරතුරු පද්ධති කළමනාකරණය සිසුන්ගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යාමද ප්‍රමුඛ කාර්‍යභාරයක් වේ.







