පුවත් හා විශේෂ අවස්ථා
6 ශ්‍රේණියට නවක සිසුන් බදවා ගැනීම 2024.02.20 දින උත්සවාකාරයෙන් සිදු කරන ලදී.
විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ගුරු දෙගුරු හා ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම් අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. ගරු විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ දෙමාපියන්ද මෙම අවස්තාවට සහභාගී විය.
ජයකොඩි මහා විද්‍යාලයේ නත්තල් කැරොල් ප්‍රසංගය කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ගයනි දිසානායක, කිරිමැටියාගාර රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පති ඩබ් . ජානක, කොස්සින්න සීලානන්ද මහා විද්‍යාලයේ විදුහල්පති සාලින්ද හේරත් යන මහත්ම මහත්මීගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.
"ජයවිදු ප්‍රතිභා 2023" කලා මංගල්‍යය, ප්‍රාථමික අංශයේ දූ දරුවන්ගේ දස්කම් කලඑළි දක්වමින් පසුගියදා කඩවත KCP ශාලාවේදී පවත්වන ලදී.
වසර 34ක තම සේවා කාලයෙන් වසර 23ක් ම අවස්ථා 2කදී ජයකොඩි මහා විද්‍යාලයේ දූ පුතුන් ට උගන්වමින් පාසලට විශිෂ්ට සේවයක් කල දීපාල් වසන්ත කුමාරසිරි ගුරු පියාණන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් එතුමා වෙත පාසලේ විදුහල්පති තුමිය ඇතුලු ගුරුමණ්ඩලය හා සිසු දූ දරුවන් සමුදුන් අවස්ථාව.







